කන්ද
උඩරටට අයත් හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, යටිනුවර, උඩුනුවර යන පස් රටෙහි
හා සත් කෝරළය, සතර කෝරළය ආදී ප්‍රදේශයන්හි වැඩි වශයෙන් ප්‍රචලිත උඩරට
නැටුම් හා වාදන පරම්පරා රාජකීය අනුග්‍රහය ලබා ඉතා විශිෂ්ට කලා සම්ප්‍රදායක්
රටට බිහි කර අනාගතය උදෙසා දායාද කර දෙන ලදී. රජවරුන්ට පසු මෙම විශිෂ්ට කලා
සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීමෙහිලා උඩරට රදළයෝ ස්වකීය අනුග්‍රහය ලබා දුන්හ.
ශ්‍රී
දළදා මාලිගාව හා අවශේෂ සිද්ධස්ථානයන්ද ශ්‍රී විෂ්ණු මහාදේවාලය ඇතුළු
දේවාලයන්ද පූජාමය විෂයෙහිලා මුල් වූ මෙම අගනා නැටුම් සම්ප්‍රදාය අදටත් රැක
ගැනීමෙහි නිරත වෙයි.
රාජකීය අනුග්‍රහය නැති වී යාමත් සමග එම කලා පරපුරවලට බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිණ. පූජා විෂයාත්මක වූත්, නිර්ව්‍යාජ වූත්, සෞන්දර්යාත්මක වූත් කලාවක් වශයෙන් උඩරට නැටුම් කලාව ඉතා අගනේය. එය සුන්දරත්වය හා පූජ්‍යත්වය ප්‍රමුඛ කර ගත්තකි. එහි මූලාධාරය රිද්මයයි. උඩරට නැටුම් හා වාදන කලාව දේශීයත්වයට ගැළපෙන ආකාරයෙන් නැටුම, වාදනය, ගායනය යන ත්‍රිත්වය එක්ව සකස් වූවකි. අපේ බොහෝ කලාවන් භාරතීය ආභාෂයෙන් නිර්මාණය වූ බව පෙනී යතත් උඩරට නැටුම් කලාව තුළ භාරතීය ආභාෂයක් ලැබුවා දැයි සිතිය නොහැකි තරමින් ස්වකීය අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් දේශීය ලක්ෂණ තුළින්ම නිර්මාණය වූවක් හැටියට ලොවට ප්‍රදර්ශනය වෙමින් පවතී. එම කලාව පරපුරෙන් පරපුරට ආරක්ෂා වී දිවයින පුරා ව්‍යාප්තව තිබිම ජාතියේ මහත් වාසනාවක් වන්නේය.
පෙරහර හැඩ කරන නර්තනාංග අති උත්තම ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාර දැක්වීම පිණිසත්, දෙවියන් උදෙසා භක්ති ප්‍රණාමය දැක්වීම පිණිසත් පැවැත්වෙන ලොව අන් කිසිදු තැනෙක දක්නට නොමැති තරම් පූජනීයත්වයක්, රමණීයත්වයක් හා චමත්කාරයක් විදහා දක්වන මෙම ඇසළ පෙරහර මංගල්‍යයේ සිරි අසිරිය ලොවට විදහා දක්වන මූලිකාංග වන භේරී වාදනය, කවිකාර මඬුව, නාගසිංහම්, වෙස් නැටුම්, නයියන්ඩි, පන්තේරු, උඩැක්කි, රබන්, ලී කෙළි, සවරම්, කඩු සරඹ, තාලම්, හවවි¾ඩි දඟය, වේවැල් නැටුම, පතුරු නැටුම යන නර්තනාංග උඩරට මූලික නැටුම් සම්ප්‍රදායේ හා ගැමි නැටුම් සම්ප්‍රදායේ මිශ්‍රණයෙන් සැකසී ඇත්තේය.
මධුර හඬ නගන භේරී වාදනය පංචතූර්ය නාදය මුසු කෙරෙන හේවිසි වාදනය පෙරහරේ ප්‍රමුඛතම අංගය වේ. ඊට ඇතුළත් දවුල, තම්මැට්ටම, හොරණෑව, හක්ගෙඩිය, තාලම්පට ආදී වාද්‍ය භාණ්ඩයන්ගෙන් නැගෙන හඬ මහනුවර වීදී දිගේ ඇදී ගොස් කන්ද උඩරට කඳුයාය පසු කර අවට ලෝකය පුරා විහිදී යන ආකාරය චමත්කාරජනකය. තේජස්වී ගතියෙන් යුක්තය. රසවත්ය, ඒ සුමධුර හඬ කොතෙක් වේලාවක් අසා සිටියද මදිය. ශ්‍රද්ධාව භක්තිය දනවන මේ මධුර හඬ සිත් සතන් එක්තැන් කරන භාවනාවක් බඳුය.
ඇසළ පෙරහරේ පෙරමුණේ සිට සිදු කෙරෙන භේරී වාදනය ඉහත දැක්වූ පණික්කි මුර හතරේම එකතුවෙන් සැකසුනකි. පෙරහරේ භේරී වාදනය ආරම්භ වනුයේ පළමුව ඇතුළේ හේවිසි පුරා බහිරව වලිනඩය වාදනය කර කරඬුව ඇතා පිටට වැඩම වීම, ඇතා පිට කරඬුව තැන්පත් කරන තුරු තේවා හේවිසි වාදනය කිරීමෙන් අනතුරුව ගමන් හේවිසිය වාදනය කරමින් පාරට බැසීම, මගට පිවිස වලිනඩ වාදනය සහිත මාත්‍රා හේවිසිය වාදනය කිරීම, (වලිනඩ වාදනය සෑම හන්දියකදීම පාහේ සිදු වේ) ජනාධිපති මැදුරේ ගේට්ටුව අසළට ළඟා වීමේදී හේවිසි පහේ හේවිසි වාදනය ආරම්භ කොට සඳගල දක්වා එය පැවැත්වීම, සඳගල අසලට පැමිණීමෙන් පසු ගෙවැද්දුම් හේවිසියෙන් කරඬුව ගන්ධ කුටියට වැඩමවීම, ගන්ධ කුටියේ තැන්පත් කළ පසු ආලත්ති පදය වාදනය කිරීමෙන් දිනයේ කටයුතු අවසන් කිරීම දක්වා පියවරින් පියවරට සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙරේ.
ශ්‍රද්ධා භක්තිය, කරුණා රසය, ශාන්ත රසය ආදී රසෝත්පාදනය වන අයුරින් මෙම වාදනයන් සිදු කෙරේ. භේරීවාදන හා නර්තන පරම්පරා අනුගමන කරන විවිධ චාරිත්‍ර පවතී. ඒ අනුව භේරී වාදකයන් පෙළ ගැසෙනුයේ ප්‍රවීණත්වය හා වයස් සීමා අනුවය. පළමුව වාදනය කිරීම නායකයා විසින් සිදු කරනු ලබයි. පෙරහර ඉදිරියට ගමන් කිරීම, ගෙවැදීම හා අවසන් කිරීම අනික් අයට සන්නිවේදනය කරනුයේ පෙරමුණෙහි ගමන් ගන්නා හේවිසි කණ්ඩායම විසිනි. ශිල්ප ශාස්ත්‍ර නිසි ලෙස ප්‍රගුණ කර නැති අය පෙරමුණේ වාදනයන්ට සහභාගි කරගන්නේ නැත. ඇසළ පෙරහරේ භේරී වාදනය සිදු වනුයේ උතුම් පෙරහර කරඬුව වැඩමවන මංගල හස්ති රාජයාගේ ගමන් විලාසයත්, දියවඩන නිලමේතුමාගේ ගමනස් විලාසයත්, නැටුම් ශිල්පීන්ගේ රැඟුම් රිද්මයත් මිශ්‍රිත වූ නාද රිද්මයකටය.
ඇසළ පෙරහර මංගල්‍යයට ඇතුළත් නැටුම් අතර වෙස් නැටුමට සුවිශේෂ ස්ථානයක් හිමි වේ. සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යයට වෙස් නැටුම් එක් වූයේ ක්‍රි.ව. 1919 සිටය. වෙස් නැටුම පෙරහර මංගල්‍යට සුවිශේෂී චමත්කාරයක් එක්කොට දෙයි.
අතීතයේදී වෙස් නැටුමෙන් ඇසළ පෙරහර මංගල්‍ය ශෝභාමත් කළ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගත් විශිෂ්ට නර්තන ශිල්පියෙකි. වර්තමානයෙහි වෙස් නැටුම් ශිල්පීන් අතර ප්‍රවීණ නර්තන ශිල්පියෙකු වශයෙන් හඟුරන්කෙත, පොල්වන්තේ ජන්ම භූමිය කර ගත් , 1940 ජනවාරි මස 13 වන දින උපත ලැබූ අරුප්පල මුන්ඩාදෙණියේ ගෙදර ශ්‍රී ලංකාතිලක පීටර් සූරසේන නර්තන ශිල්පියා හඳුන්වා දිය හැකිය. ඔහු උඩරට නැටුම් කලාවේ මහත් කුසලතා පූර්ණත්වයක් දැක්වූ හඟුරන්කෙත සොබනා ගුරුන්නාන්සේගේ මුණුබුරාය. දක්ෂ නැට්ටුවෙකු වූ මුණ්ඩාදෙණියේ ගෙදර ගුණයා ගුරුන්නාන්සේගේ ආදරණීය පුත්‍රයාය. විදේශයන්ගේ පවා නමක් දිනාගත් නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ඔහුගේ මාමා කෙනෙකි. දක්ෂ පාරම්පරික නැට්ටුවෙක් වූ අමුණුගම ආර්.ඩබ්.ජී. සුරඹා ගුරුන්නාන්සේගේ ඥාතියෙකි. මහාබද්ධ නැකති පරපුරෙන් පැවැතගෙන එන මොහු කලක් නැටුම් ගුරුවරයෙක් වශයෙන් දිවයිනේ ප්‍රදේශ කීපයක සේවය කොට දක්ෂ සිසු පරපුරක් බිහි කර ඇත්තේය. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සේසත සූරසේන කලායතනය ස්ථාපනය කොට ස්වකීය පාරම්පරික නැටුම් කලා උරුමය අනාගත පරම්පරාවට දායාද කරමින් පසුවේ.
ක්‍රි.ව. 1958 දී පළමු වරට නයියන්ඩි නැටුමෙන් මාලිගාවේ පෙරහරට දායක වූ ඔහු, කලක් විෂ්ණු දේවාලයේත්, පත්තිනි දේවාලයේත් පෙරහරට සහභාගි වී ක්‍රි.ව. 1970 සිට වෙස් නැටුම සඳහා සම්බන්ධ විය. 1986 සිට දළදා මාලිගාවේ පෙරහරේ වෙස් නැට්ටුවෙක් ලෙස සහභාගි වේ. උඩරට නැටුම් කලාව අනාගතයට උරුම කර දීමටත්, ඇසළ පෙරහර මංගල්‍යයේ ශ්‍රී ශෝභාවය තීව්‍ර කිරීම සඳහාත්, තම පාරම්පරික කලාව සිය වැඩිමහල් පුත් කුශාන්ත ප්‍රදීප් කුමාර සූරසේන පුතාටත්, ජාතික සූරසේන පුතාටත් දායාද කළේය. ඔවුහු 1988 සිට පෙරහරට සහභාගි වෙමින් පියා මෙන් දස්කම් දක්වති.
උඩරට සමාජයේ සුවිශේෂී පැතිකඩක් වන උඩරට නැටුම් හා වාදන කලාකරුවන්ගේ කුසලතා මුළු ලොවටම ප්‍රදර්ශනය කෙරෙන අසිරිමත් වේදිකාවක් වන සෙංකඩගලපුර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය තුළින්, පරපුරින් පරපුරට දායාද කර ගත් ස්වකීය උරුමය හා හැකියාවන් ඉස්මතු කෙරෙන උඩරට නර්තනයන් හා වාදනයන් නරඹමින් සිටින දෙස් විදෙස් කාගේත් නෙත් සිත් වශීකෘත වේ. ගජගා වන්නමේ නැටුම් රිද්ම රටාව අනුගමනය කරමින්, වාදන හඬ නංවමින්, තාලානුරූපව පාද තබමින් ඉදිරියට ඇදෙන පෙරහරේ දර්ශනීයත්වය මෙන්ම චමත්කාරය ඉස්මතු කෙරෙන උඩරට කලාකරුවාගේ අනුපමේය කුසලතාවන් අගය කිරීමත්, ඔවුන් සතු ජීවන බර කතෛක් දැයි විමසා බලා විසඳුම් සෙවීමත් පෙරහරේ විචිත්‍රත්වය හා මහාර්ඝත්වය අත්විඳින කාගේත් පරම යුතුකම වන්නේය.